Quantcast
Channel: Edu Plus Lanka | අධ්‍යාපනික වෙබ් අඩවිය
Viewing all articles
Browse latest Browse all 63

පියවි ඇස පුළුල් කල අන්වීක්ෂයේ ඉතිහාසය

$
0
0
image
ඇන්ටන් වැන් ලීවන් හුක් (1632 - 1723)

යමහල් ලාවා තුළ, ඇන්ටාක්ටිකාව පත්ලේ වැනි මිහිමත ඕනෑම ස්ථානයක ජීවත් වීමට සමත්කම් දක්වන ක්ෂුද්‍රජීවීහු, මිනිසා ලොව පහළ වීමටත් පෙර සිටම මෙලොව සිටියහ. මිනිසා නමැති සත්ත්වයා පරිණාමය වූ පසු, ක්ෂුද්‍ර ජීවීන් කළේ මිනිසාගේ ශරීරය තුළත්, ශරීරය මතත් ලැඟුම් ගෙන පෝෂණය වීමයි. මේ ජීවීන් ඇසට නොපෙනෙන හෙවත් 'ක්ෂුද්‍ර' වූ නිසාම උන් කරන දේ පිළිබඳ කිසිම අවබෝධයක් මිනිසාට තිබුණේ නැත. එහෙත් ක්‍රමයෙන් ක්ෂුද්‍ර ජීවීන් තමා මත හෝ තමා තුළ ජීවත්වනවා නම් ඔහුගේ "ඇඟට දැනෙන්ට" පටන් ගත්තේ ය. එනම් ක්ෂුද්‍ර ජීවීන් නිසා මනුෂ්‍යයාගේ ශරීරය රෝගීවන්නට පටන් ගත්තේ ය. නරකම දෙය වූයේ ක්ෂුද්‍ර ජීවීන් දැක බලා ගැනීමට ක්‍රමයක් ද නොතිබීමයි.

විශාල කාච ලෙස හඳුන්වන සරල අත් කාච ඔබ දැක තිබෙනවා නේද? කුඩා දේවල් විශාල කර බැලීමට මෙන්ම, හොඳින් හිරු එළිය වැටී තිබෙන දිනෙක ඉර එළියට අල්ලා ගිනි කූරක් හෝ කපු පුළුන් ස්වල්පයක් දල්වා ගැනීමට වුවත් එයින් පුළුවන. එහෙත් ක්ෂුද්‍ර ජීවීන් නම් මේවායින් පෙනෙන්නේම නැත. කෙසේ නමුත් ද්වී උත්තල කාච වන මේවා ලෝකයේ මුල්ම සරල අන්වීක්ෂ ලෙස හැඳින්වෙයි. ක්‍රිස්තු වර්ෂ 1650 දී පමණ අද අප දකින සාමාන්‍ය අත්කාච වලට වඩා විශාලන බලයෙන් අධික සරල අන්වීක්ෂ නිපදවා තිබිණි.

එහෙත් විද්‍යාගාරයකදී අප 'අන්වීක්ෂය' කියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අත්කාච වලට නොව සංයුක්ත අන්වීක්ෂ වලටය. ඒවායින් මිනිස් කෙළ බිඳුවක වුවත් බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් දහස් ගණනක් තලියක ආකාරය හොඳින් පෙනේ.

ලෝකයේ පළමුවරට ක්ෂුද්‍රජීවීන් නිරීක්ෂණය කෙරුණේ ඉතාම දියුණු සරල අන්වීක්ෂයකිනි. අන්වීක්ෂයේද, නිරීක්ෂණයේද දෙකේම ගෞරවය හිමිවන්නේ නෙදර්ලන්තයේ විසූ ඇන්ටන් වැන් ලේවන් හුක් හටය. ඔහු විද්‍යාඥයෙක් නොවීය. පිය උරුමයෙන් ඇන්ටන් හට උරුම වී තිබූ රැකියාව වුණේ රෙදි වෙළඳාමයි. එහෙත් උගත් කමට පි‍්‍රයකළ ඔහු මිනින්දෝරුවෙක් වුණේ ය.

ඔහුගේ පි‍්‍රයතම විනෝදාංශය වූයේ කාච නිපදවීමයි.

විවිධාකාරයේ කාච නිපදවීමෙන් නොනැවැතුණු හේ, විවිධාකාර දේවල් එම කාචවලින් නිරීක්ෂණය කළේය. එයින් නොනැවතී, කාච මඟින් තමන් දකින දේ ගැන වාර්තා ද තැබුවේ ය. මුහුදු ජලය, වැසිදිය, විනාකිරි, තැම්බුම් සාර, දත් අතර රැඳෙන ආහාර මෙන්ම මළපහ ද ඔහු නිරීක්ෂණ කෙළේ ය. ඔහු ඒවායින් බැක්ටීරියා , දිලීර එ්ක සෛලිකයන් ආදීන් දුටුවේය. මේ හේතුව නිසා ලොව මුල්වරට ක්ෂුද්‍ර ජීවීන් සියැසින් දුටු පුද්ගලයා වීමේ ගෞරවයද ඔහුට හිමිවෙයි.

1723 වර්ෂයේ ලේවන්හුක් මිය යන විට ඔහු සතුව අන්වීක්ෂ සිය ගණනක එකතුවක් තිබිණි. ඒ සියල්ල ඔහුගේම නිර්මාණ විය. ලෙවන්හුක් ගේ සරල අන්වීක්ෂය, සරල වුවද අති ප්‍රබල විය. වස්තුවක් 300 ගුණයක් පමණ විශාල කර දැකීමේ හැකියාවක් එයට තිබිණි. ඔහු ඒ සඳහා අන්වීක්ෂයට භාවිත කළේ ඉතාම කුඩා නමුත් ඉතාම ප්‍රබල ද්වී උත්තල කාචයකි. සෙන්ටිමීටර අටක් පමණ උස වූ ඔහුගේ අන්වීක්ෂය ඉස්කුරුප්පු ක්‍රම වලින් සීරුමාරු කළ හැකි විය. එදා ලෙවන්හුක් දුටු ක්ෂුද්‍ර ජීවීන්ගේ රුව සහ පසුකාලීනව ඉතාම දියුණු සංයුක්ත අන්වීක්ෂ වලින් දුටු ක්ෂුද්‍රජීවීන්ගේ රූපවල සවිස්තරාත්මක බව විනා, මහලොකු වෙනසක් තිබුණේ නැත.

Viewing all articles
Browse latest Browse all 63

Trending Articles